අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමේ කටයුතු සඳහා මීට මාස 6කට පෙර ගුවන්ගත වූ චීන ගගනගාමින් තිදෙනා පෙරේදා යළි පෘථිවියට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කළේය. 

පෘථීවියේ සිට කිලෝමීටර් 380ක් ඉහළින් පිහිටි ටියැන්හේනි නමැති ප්‍රධාන මොඩියුලරයේ ස්ථානගතවී දින 183ක් පුරා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදි කිරීමේ කටයුතුවල නිරතව සිටි බවත්, සාර්ථක මෙහෙයුමකින් පසු තිදෙනාම ආරක්ෂාකාරීව යළි පැමිණි බවත් චීනය නිවේදනය කර තිබේ.

පසුගිය ජූනි මස 5 වැනිදා අභ්‍යවකාශය බලා පිටත් වූ මේ ගගනගාමීන් තිදෙනා අතර කාන්තාවක ද සිටින අතර, ඇය එරට පළමු අභ්‍යවකාශ මෙහෙයුම් නිලධාරිනිය වේ. චීන ගගනගාමීන් තිදෙනා ගුවන්ගත වූයේ අභ්‍යවකාශයේ රැඳී සිටි දීර්ඝ කාලය තුළ ඔවුන්ගේ ආහාරපාන සහ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට සියලු පහසුකම් සහිත ෂෙන්ෂෝ -14 අභ්‍යවකාශ යානය මගිනි.

තිදෙනාට එකවර ආහාර පිළියෙල කරගැනීමට මුළුතැන්ගෙයක් ද, සනීපාරක්ෂක පහසුකම් ද ඊට ඇතුළත්ව තිබේ.