බාස්මති හැර අනෙකුත් සහල් වර්ග ආනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.

සහල් ආනයනය බලපත්‍ර ක්‍රමයට යටත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්කොට ඇත.

එහි දැක්වෙන්නේ නෞකා මගින් මෙරටට රැගෙන එමින් පවතින සහල් තොග සඳහා සහ දෙසැම්බර් 09 වැනිදාට පෙර ණයවර ලිපි නිකුත්කර ඇති ඇණවුම් සඳහා ‍විශේෂ බලපත්‍රයක් මගින් එම සහල් තොග වරායෙන් නිදහස් කර ගත හැකි බවය.