ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 320ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින පීඩන අවපාතය, තවදුරටත් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 7 සවස් වන විට ක්‍රමයෙන් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට හැකියාවක් ඇත.එම පද්ධතිය දෙසැම්බර් 08 වන දින වන විට නිරිතදිග බෙංගාල බොක්කමුහුදු ප්‍රදේශයට ඔබ්බෙන් උතුරු-තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළට වෙත ළඟා වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතී.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි. මි. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්වල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වේ

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක.