ලැස්කාර් ගිනි කන්ද සක්‍රීය වීමත් සමඟ චිලී නගරයේ බලධාරීන්, ඒ අවට ප්‍රදේශවාසීන්ට අනතුරු ඇගවීම් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලැස්කාර් ගිනි කන්දෙන් අඩි 20,000ක් පමණ ඉහළට දුමාරය හා අළු පිටවී ඇති බව සදහන් වේ. මේ සමඟ සුළු භූමිකම්පාවක් ද හට ගෙන ඇතැයි වාර්තාවේ.

අවට ප්‍රදේශවලින් මේවන තෙක් කිසිදු හානියක් වාර්තා වී නොමැත. එහෙත් මූලික හරිත අනතුරු ඇඟවීම් දත්ත, කහ වර්ණය දක්වා ඉහළ ගොස් ඇත. ඉන් පෙන්නුම් කරන්නේ ගිනි කන්ද අස්ථායී වන බවයි.

මේ අතර ගිනි කන්දේ සිට කිලෝමීටර් 05ක් දක්වා දුරට දැඩි ආරක්‍ෂාවක් ද යොදවා ඇත.

මීට පෙර 1993 වසරේ දී ලැස්කාර් පුපුරා ගිය නමුත් 2006 සහ 2015 දී ගිනි කන්දේ සක්‍රීය ක්‍රියාකාරකම් අඩු විය.