එංගලන්තය සහ ප්‍රංශය ඊයේ (04) 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලැබීය.

ප්‍රංශය සහ පෝලන්තය අතර අවසන් 16 දෙනා අතර තරගය ඊයේ පැවැත්වුණේ අල් තුමාමා ක්‍රීඩාංගණයේදීය.

තරගයේ 44වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ඔලිවර් ජෙරෝඩ් ප්‍රංශය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.

දෙවන අර්ධයේදී ක්‍රියාත්මක වූ කිලියාන් ම්බාපේ ප්‍රංශය වෙනුවෙන් දෙවන ගෝලය රැස්කිරීමට සමත්වුණි.

ම්බ්පේ ඊයේ රැස්කළ ගෝලයත් සමඟ ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල රැස්කළ ක්‍රීඩකයාගේ වාර්තාව ද තමන් සතු කරගගත්තා.

ඒ සමඟ ම්බාපේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක තියරි හෙන්රි අභිබවා යෑමට සමත්වීමද විශේෂත්වයකි.

23 හැවිරිදි වියේ පසුවන ම්බාපේ පාපන්දු ලෝක කුසලාන දෙකකට ක්‍රීඩාකර දැනට වාර්තාකර ඇති පාපන්දු ලෝක කුසලාන ගෝල සංඛ්‍යාව 9කි.

තරගයේ නියමිත කාලය අවසන් වනතෙක් පෝලන්තයට රැස්කරගත හැකිවූයේ එක් ගෝලයක් පමණි.

ඒ අනුව ගෝල 3-1ක් ලෙස තරගයේ ජය හිමිකරගත් ප්‍රංශය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරගයක් ඊයේ පැවැත්වුණේ එංගලන්තය සහ සෙනගාලය අතරය.