එංගලන්තය පරාජය කරමින් වත්මන් ලෝක ශූර ප්‍රංශය 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

කටාර්හී, අල් බෙයිට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු අර්ධයේදී ගෝල 1ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ප්‍රංශයයි.

දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම ගෝලය බැගින් රැස් කළා.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වුණේ, ගෝල 2ට 1ක් ලෙස ප්‍රංශ කණ්ඩායම තරගය ජය ගනිමිනි.

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ නිල දේශීය විකාශන අයිතිය හිමි TV 1 නාලිකාව ඔස්සේ සියලු තරග ඔබට සජීව ලෙස නැරඹිය හැක.