Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොල්ලුපිටිය නොසන්සුන් කළ මාරක රිය අනතුර...!


අද (10) උදෑසන කොල්ලුපිටියේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, බම්බලපිටිය දෙස සිට ගාලු මුවදොර දෙසට ධාවනය වූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසටම ගමන් කරමින් සිටි ත්‍රීරෝද රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙන බවය.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියැදුරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙදී මියගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 58 ක් වූ කහතුඩුව, පොල්ගස්ඔ්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

අනතුරින් පසු මෝටර් රථයේ රියැදුරු පළා ගොස් ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති බව පොලීසීය පවසයි.

ඉන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වයස අවුරුදු 29 හා 31 යන වයස්වල පසුවන්නන් බව පොලීසිය පවසයි.

මෙම සුඛෝපභෝගී මෝටර් රථයේ සිටි පුද්ගලයින් රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවට සැක පළ කරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.

මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.




Post a Comment

0 Comments