
ඉන්දියාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් ආර්. හරි කුමාර් මහතා සිව් දින නිල සංචාරයක් සදහා ශ්‍රී ලංකාවට පැමිණියේය.
හරි කුමාර් මහතා දෙසැම්බර් 13වැනිදා සිට 16වැනිදා දක්වා මෙරට රැදී සිටියි.
දෙසැම්බර් 15 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත නාවික හා සාගරික විද්‍යාපීඨයේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා සහ සමාලෝචන නිලධාරියා ලෙස ඔහුට ආරාධනා කර ඇත.
අද්මිරාල් ආර් හරි කුමාර් මහතා දිවයිනට පැමිණීමේ ඡායාරූප ශ්‍රී ලංකාවේ ඉන්දීය තානාපති කාර්යාලය ට්විටර් පිටුවේ පළ කර තිබේ.
0 Comments