ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණි.

නමුත් ඔහුට එම ස්ථානය අහිමිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එසේ වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල පහළ යෑම හේතුවෙනි.

ෆෝබ්ස් සහ බ්ලුම්බර්ග් වාර්තාවල සඳහන් වන්නේ මස්ක් ව අබිභවා යාමට LVMH සමාගමේ ප්‍රධාන විධායකයා වන බර්නාඩ් ආර්නොල්ට් සමත් වී ඇති බවය.

ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායකයා වන මස්ක් ට එහි කොටස් වලින් 14%ක් හිමිය.

ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 44ක් වැයකොට ට්විටර් සමාගම මිලට ගත්තේය.

ඔහුගේ මේ වනවිට ධනය ඩොලර් බිලියන 178ක් බවත් බර්නාඩ් ආර්නොල්ට් සතු වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 188ක් බවත් සඳහන් වෙයි.