ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය. ඒ ඊයේ(13) පැවැති අවසන් පූර්ව තරගයේදී ක්‍රොඒශියාව පරාජය කරමින්ය.

තරගය පැවැත්වුණේ ලුසෙයිල් අයිකොනික් ක්‍රීඩාංගණයේදීය.

ආරම්භයේ සිටම ආර්ජන්ටිනාව ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් දියත් කළේය. ඒ අනුව, ඔවුන් පලමු අර්ධයේදී වාර්තා කළ ගෝල සංඛ්‍යාව 2 කි.

තරගයේ 34 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කළේ ලියොනෙල් මෙසී ය. ඒ දඩුවම් පහරක් සාර්ථක කර කරමින්ය.

අනතුරුව ජූලියන් ඇල්වේරාස් ආර්ජන්ටිනාව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කළේ 39 වැනි මිනිත්තුවේදීය.
තරගයේ 69 වැනි මිනිත්තුවේදී ජූලියන් ඇල්වේරාස් තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

නමුත් ක්‍රොඒශියාව තරගයේදී කිසිදු ගෝලයක් වාර්තා කළේ නැත.

ඒ අනුව ආර්ජන්ටිනාව තරගය ජය ගත්තේ ගෝල 3-0 ක් ලෙසිනි.

තරගය ජය ගත් ආර්ජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීය.ඔවුන් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ 5 වැනි අවස්ථාව මෙයයි.

ඔවුන් අවසන් වරට ලෝක කුසලානයක් ජය ගෙන තිබෙන්නේ 1986 වසරේදීය.